දක්ෂිණ අධිවේගී මාර්ගයට බලපත්‍ර ලබා නොදී සිදුකරන වංචාවට එරෙහිව ප්‍රවාහන අමාත්යවරයාටහා ජාතික ගමනා ගමන කොමිසමට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
2013 වසරේ සිට මාර්ග බලපත්‍ර ලබාදීමට ටෙන්ඩර් කැඳවනු ලැබුවත් මෙතෙක් කිසිඳු ටෙන්ඩර් කැඳවීමකින් බලපත්‍ර ලබාදීමට මෙම ආයතනවලට නොහැකි වූ බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.
මෙය විශාල මූල්‍ය වංචාවක් බවත්, මේ නිසා රජයට වාර්ෂිකව රුපියල් කෝටි ගණනක මූල්‍ය පාඩුවක් සිදුවී සැබෑ බස් හිමියන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවද හෙතෙම කියා සිටියේය.