මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා ,ග්‍රාමසංවර්ධන ,වනිතා කටයුතු ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට දඹුල්ල පොලිසිය තුළදී මරණ තර්ජනය කොට සැගවී සිටි තිදෙනෙකු ඊයේ (5 දා) රාත්‍රී 8.30ට පමණ සැකපිට දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එ. ජා. ප. මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක රංජිත් අලුවිහාරේ මහතාගේ ආධාරකරුවන් වෙයි .ජනක බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට තිබූ සැරසිලි හා කටවුට් කඩා විනාශ කළ බවට පැමිණිල්ලක් කිරීමට දඹුල්ල පොලිසියට ගිය අවස්ථාවේ දී පොලිසිය තුළදී පුද්ගලයන් 3ක් තමන්ට මරණිය තර්ජනය කර පරුෂ වචනයෙන් බැනවදුනයි ප්‍රමිත බණ්ඩාර මහතා පොලීසියට පැමිණිලි කර තිබිණි .