වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන වැව් 73 න් වැව් 65ක්ම වාන් දැමීමට පටන්ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස මහත්මිය ‘අද’ ට පැවසුවේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් සේනානායක සමුද්‍රය ඇතුළු එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව්වලට මේ දක්වා ප්‍රමාණවත් ජලයක් ලැබී නොමැති බවයි.
එහෙත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන හා මධ්‍යම ප්‍රමාණ ජලාශ පිරීගොස් ඇති බව පෙන්වාදුන් එම මහත්මිය වාරිමාර්ග නිලධාරීන්ගේ සියලු නිවාඩු අහෝසි කොට ඔවුන් රාජකාරියේ යොදවා ඇතැයිද සඳහන් කළාය.