ප්‍රධාන පක්ෂ දෙක ආණ්ඩු කරන ආකාරයේ අවබෝධයකින් උතුරු මැද පළාත් සභාවෙහි කටයුතු සිදුවන බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සඳහන් කළේය.
පසුගියදා පළාත් සභාව තුළ ඇතිවූ ගැටුම් කිසිසේත්ම අනුමත නොකරන බවත්, මෙය නරක ආදර්ශයක් බවද හෙතෙම පවසා සිටියේය.
කොළඹදී අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම මෙම සිද්ධියේදී කටයුතු කළ ආකාරයත් අනුමත නොකරන බවත්, ආණ්ඩු පක්ෂය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජිතයන් 06 දෙනාට සිදුවූයේ එම ක්‍රියා දෙස බලාසිටීමට පමණක් බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසා සිටියේය.