ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පළාත් පහක් පදනම් කර ගනිමින් කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ අස්වාභාවික මරණ සම්බන්ධ සාධක අධ්‍යයනය කිරීම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අනුග්‍රහයෙන් කැලණිය විශ්වවිද්‍යාලය විසින් සිදු කර තිබේ.
මෙහිදී තුවාල, කම්පනය හෝ වසවිස දීම වැනි බාහිර හේතුවක් මත සිදුවන මිනීමැරුමක්, සියදිවි නසා ගැනීමක්, හදිසි අනතුරක් හෝ ඇතැම් විට හඳුනා නොගත් ආකාරයකින් සිදුවිය හැකි මරණයක් ස්වාභාවික මරණයක් ලෙස ගත හැකිය.
එකී අධ්‍යයන වාර්තාව තුළින් ශ්‍රී ලංකාවේ සිදුවන කාන්තා අස්වාභාවික මරණවලින් තුනෙන් එකක් සමීප සහකරුගේ ප්‍රචණ්ඩත්වයෙන් සිදුවන බව අනාවරණය කෙරිණි. එවැනි සිදුවීම්වලින් 69%ක් නිසි පරිදි වාර්තා නොවේ. මෙහිදී හෙළි වූ තවත් කාරණයක් වනුයේ ශ්‍රී ලංකාවේ රෝහල්ගත කිරීම්වලට ප්‍රධානම හේතුව ශාරීරික හිංසනයක් බවයි.
අධ්‍යයනය සඳහා මූලාශ්‍ර කරගත් කාන්තා මිනීමැරුම් 243කින් 128කම අපරාධකරුවා වන්නේ නීත්‍යනුකූල ස්වාමියාය. මෙවැනි සිද්ධි සම්බන්ධව අධිකරණ ක්‍රියාවලිය මහාධිකරණය දක්වා ගියේ මිනීමැරුම්වලින් 30%ක් සම්බන්ධයෙන් බවයි.
අද (05දා) දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලවේ පැවැති මෙම වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන්, කැලණිය විශ්වවිද්යාපයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඇතුළු මහත්ම මහත්මීහු රැසක් සහාභාගි වූහ.
'කාන්තා හා ගැහැනු ළමයින්ගේ අස්වාභාවික මරණ සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණ' මැයෙන් ප්‍රතිපත්ති සාරාංශයද ඉදිරිපත් කෙරිණි.