දිවයිනට නිරත දෙසින් පැවැති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී කොළඹ සිට කිලෝ මීටර් 200 පමණ බස්නාහිර දෙමින් පවතින බවත් එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරන ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් විශේෂයෙන්ම දිවයිනේ නිරත දිග ප්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන තද සුළං (පැයට කිලෝමීටර් 60-70 පමණ) බලාපොරොත්තුවන බවත් ඔවුන් සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවත් දිවයිනට වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍ර දේශවලද තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශද බලාපොරොත්තු වෙන බවත් අද (30දා) පෙ.ව. 5.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
දකුණු, සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා ඌව පළාත්වල ඇතැමි ස්ථානවලිට මිලි මිටර් 100-150 දක්වා ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වෙයි.