සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථාවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉහළ හැකියාවක් ඇති බවත්, ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වලට සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද (10දා) මධ්‍යාහනයේ නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මීට අමතරව නැගෙනහිර, ඌව හා උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.