වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලට අද (26දා) දිනය තුළදී ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බවත්, මේ නිසා අකුණු අනතුරු අවම කර ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට ආසන්න තද වැසි ඇතිවිය හැකි බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ නදිකා රණවීර මහත්මිය සඳහන් කළාය.
මීට අමතරව ඉදිරි දින කිහිපය තුළදී සවස් කාලයේදී දිවයින වටා සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍ර‘දේශවලත් දිවයිනට දකුණින් වන මුහුදු ප්‍ර‘දේශවලත් සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙහිදී දිවයිනට නැගෙනහිරින් හා ඊසාන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍ර‘දේශවලට තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව මීගමුව සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර, හම්බන්තොට, පොතුවිල් හරහා කල්මුණේ දක්වා වන නොගැඹුරු මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60– 70ත් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.