සියලු පළාත් සභා මන්ත්රීවරුන්ට දුරකතන දීමනා වශයෙන් රුපියල් 25,000ක් හා කාර්යාලයක් පවත්වාගෙන යෑමට රුපියල් 50,000ක් මාසිකව ගෙවීමට රජය සූදානම් වෙයි. මේ අතර වයඹ හා දකුණු පළාත් මන්ත්රීවරුන්ට දුරකතන දීමනා වශයෙන් මාසිකව රුපියල් 25,000ක මුදලක් දැනටමත් ගෙවන බවද වාර්තා වෙයි.
කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා රුපිය් 50,000ක් ගෙවීමට නියමිතව තිබණත් මෙතෙක් එය ගෙවීම ආරම්භ කර නොමැත. පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලැබෙන වැටුප් හා දීමනා වලින් භාගයක මුදලක් පළාත් සභා මන්ත්රීවරුන්ටද ලැබිය යුතුය යන නීතිය යටතේ මෙම ගෙවීම් සිදුකිරීමට නියමිතය.
මේ සඳහා වසරකට වැයවන මුදල රුපියල් කෝටි 45ක් පමණ වන බවත් වාර්තා වෙයි.