හම්බන්තොටදී ඇතිවු උද්ගෝෂණයේදී පහරකෑමට ලක්වූ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සුවදුක් විමසීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කටයුතු කළේය.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා සෙබළුන් හමුවී සුවදුක් විචාරනු ලැබු අමාත්‍යවරයා එම සෙබළුන්ට ලබාදෙන ප්‍රතිකාර පිළිබදවද විසින් විමසා බැලීය. මෙම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එක්ව සිටියේය.