ශාලිකා ශාලාවේ පැවැති දුම්රිය සම්මුඛ පරීක්ෂණයේදී තරුණයන්ගෙන් සහතිකපත් නොබලාම විමසයි
සම්මුඛ පරීක්ෂණය බස් කොන්දොස්තරවරුන් බඳවාගන්නයි - අමාත්‍යාංශය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් නාරාහේන්පිට ශාලිකා ශාලාවේ ඊයේ (09දා) කැඳවා තිබුණු සම්මුඛ පරීක්ෂණයට පැමිණි තරුණයන්ගෙන් පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී 'වැඩකළේ කාටදැයි' යනුෙවන් විමසා තිෙබ්.පානදුර ආසනය නියෝජනය කරමින් පැමිණ සිටි මෙම තරුණයන් උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාග සහතික හා තවත් අවශේෂ සහතික රැගෙන පැමිණියද, ඒ පිළිබඳව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විමසා නැතිබව එහි පැමිණි පිරිස පැවසූහ.