පවුල් දේශපාලනයට තිත තබා තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ 'සිස්ටම් එකක්' දියත් කිරීම ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ වගකීම වන බවත්, ඒ අනුව එය ගොඩනැගීම සඳහා සෙවණැල්ලක්ව රැඳීමට තමන් සූදානම් බවත් ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ 2018, 'යොවුන්පුරය' නිමාවට පත් කිරීමේ උත්සව අවස්ථාවට නිකවැරටිය පශු සම්පත් මණ්ඩල පරිශ්‍රයේදී ඊයේ (31දා) එක්වෙමිනි.
"පවුල් දේශපාලනයට තිතතියන්න ඕන. එක පවුලක් ගොඩනැගෙන එකට තිත තියන්න ඕන. හැමෝටම අවස්ථාව දෙන්න ඕන. සියලුමතරුණ අයට සම සේ අවස්ථා දෙන්න ඕන කියලා තමයි එදා සමස්ත තාරුණ්‍යය අපිත් එක්ක ඒරැඩිකල් ගමනක් යන්න එකතු වුණේ.
ඒ නිසා තමයි මම කියන්නේ අපේ රටේ සිස්ටම් එක වෙනස්කරන්න ඕන කියලා. ඒක වෙනස් කරන්න විතරක් නෙවෙයි, දේශපාලනය මොකක් වුණත් තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත වෙන විදිහට සිස්ටම් එක අපි හදන්න ඕන"