පරිසර හිතකාමී කර්මාන්ත දිරිගැන්වීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට 1% පොලී මුදලකට යටත්ව ණය ලබාදීමට සැලසුම් කර තිබේ. උපරිමය රුපියල් මිලියන 30කට යටක්ය මෙම ණය මුදල් ලබාදීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා දේශීය බැංකු 9ක්, මූල්‍ය ආයතන 2ක් හා ජයිකා ආයතනය සහ කරුමාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය අතර ගිවිසුමක්ද අත්සන් තබා ඇත.
මෙම ගිවිසුමට අනුව ලබන වසර තුළදී රුපියල් කෝටි 520ක ණය මුදලක් ලබාදීමට සැලසුම් කර ඇත. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන රාමු පිළිබඳ එකඟතාවයන්ට අනුව 2018 - 2022 අතර කාලය තුළදී පරිසර හිතකාමී කර්මාන්ත ඉහළ නැංවීම සිදුකළ යුතු වේ.
මෙම ඉලක්ක සම්පූර්ණ කරගැනීම සඳහා මුල් අදියරේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඒ සඳහා දිරිගැන්වීමට කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය මෙම වැඩපිළිවෙළ සකස්කර තිබේ.