පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධානීන් 4කට රටින් පිටවීම තහනම්
ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ යැයි කියන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානීන් සිවුදෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් වූ නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (02දා) නිකුත් කළාය.
ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති හෙයින් මෙම සිද්ධීන්වලට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානීන් රටින් පිටවිය හැකි හෙයින් ඔවුන්ට රටින් පිටවයෑම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලීසිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය රටින් පිටවීම තහනම් කරමින් ඔවුන්ට නියෝගයක් නිකුත් කළාය.
මෙලෙස රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලද්දේ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන, එහි ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු සහ එහි ප්‍රධාන තාක්ෂණ විධායක නිලධාරී සචින් දේවතන්ත්‍රි යන සිවුදෙනාටය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද රහස් පොලීසියට නියම කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


