පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදුවූයේ කුමක්දැයි තමන්නොදන්නා බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (16දා)පැවසීය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදුවූයේ කුමක්දැයි නොදැනීම බරපතළ සිද්ධියක් බව දැනුම් දුන් කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා, සමාගමේ රුපියල් කෝටි 71කට අධික ලාභාංශවලට සිදුවූයේ කුමක්දැයි සොයාබලාවහාම කොමිසමට දැනුම් දීමට නියම කළේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත්,2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරතිබෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි (සභාපති)ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදුකෙරේ.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා සාක්ෂි දෙමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මූල්‍ය වාර්තා පිළිබඳ කරුණු ඉදිරිපත් කළේය.
ඒ අවස්ථාවේදී කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා සාක්ෂිකරු අමතමින්, ඔබගේ වාර්තාවන්ට අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් මිලියන 712ට (රුපියල් කෝටි 71කට අධික) සිදුවූයේ කුමක්දැයි විමසීය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා, ඊට පිළිතුරු දෙමින් &පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදුවූයේ කුමක්දැයි මා දන්නේ නැහැ. ඒ පිළිබඳ සොයාබලා දැනුම් දෙන්නම්* යැයි පැවසීය.
ඔබ සමාගමේ අධ්යක්ෂවරයෙක් දැයි කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා සාක්ෂිකාර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාගෙන් විමසූ විට ඊට පිළිතුරු දෙමින් තමන් පර්පචුවල් ඇසට් මැනේජ්මන්ට් සමාගමේ විධායක නොවන අධ්යක්ෂවරයෙකුබවත්, තමන් සමාගමේ රැස්වීම්වලටද සහභාගි වන බවත් පැවසීය.
මෙය බරපතළ තත්ත්වයක් බව දැනුම් දුන් කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ රුපියල් කෝටි 71කට අධික ලාභාංශවලට සිදුවූයේ කුමක්දැයි සොයාබලා වහාම කොමිසමට දැනුම් දීමට නියම කළේය.