පන්නල - කොස්ගස් හන්දිය ප්රදේශයේදී අද (30දා) උදෑසන යතුරුපැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පන්නල පොලීසිය පවසයි.
යතුරුපැදියේ ගමන් ගත් මාකඳුර,ගෝනවිල පදිචි නෙවිල් රූපස් (62) හා එච්.එම්.ධර්මලතා පියසීලි (59) නමැති අඹුසැමි යුවළ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත.
වෑන් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම අනතුරින් වෑන් රථයේ රියදුරුද තුවාල ලැබීමනේ රෝහල් ගත කර ඇත.
පන්නල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක දහනැක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
වඩුමුන්නේගෙදර ටී.පී.අධිකාරි, පන්නල හේමා රාජපක්ෂ