විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු යටතේ නියමයන් 5ක්, රේගු ආඥා පනත යටතේ යෝජනාවක් සහ ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේදී අද (26දා) සම්මත වූ බව කථානායකවරයා සඳහන් කර සිටියේය.
මේ අනුව අදට නියමිත පාර්ලිමේන්තු කටයුතු අවසන් වූ අතර යළි හෙට (27දා) පෙ.ව. 10.30 පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
හෙට දිනයේදී රජයේ කටයුතු පිළිබඳ ජනපතිවරයා විසින් අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කරන නියමයන් පිළිබඳ විවාදයට ගැනීමට නියමිතය.