නොරොච්චෝලේ බලාගාරයේ එක් යන්ත්‍රයක් නවතා දැමීම නිසා ජල විදුලි නිෂ්පාදනය දෙගුණයක් කිරීමට සිදු වූ බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
අධික වියළි කාලගුණික තත්ත්වය නිසා ජලාශවල ජල මට්ටම පොදුවේ 49%ක් දක්වා පහත වැටී තිබෙන බවත්, මේ නිසා ජල විදුලිය නිෂ්පාදනයද ඉදිරියේදී අඩු වී යන බවත් එම සංගමය පෙන්වා දෙයි.
එක් යන්ත්‍රයක් නවතා දැමීම නිසා නොරොච්චෝලේ බලාගාරයෙන් ලැබෙන්නේ රටේ අවශ්‍යතාවෙන් 26%ක් පමණක් බවත්, මේ නිසා 12%ක්ව පැවැති ජල විදුලි නිෂ්පාදනය 25%ක් දක්වා ඉහළ දමා තිබෙන බවත් එම සංගමය සඳහන් කරයි.
ඉතිරි සියලුම විදුලි අවශ්‍යතා ඩිසල් හා දැවිතෙල් බලාගාර තුළින් ලබාගන්නා බවත්, එම ප්‍රමාණයෙන් 28%ක් පෞද්ගලික අංශයෙන් මිලදීගන්නා බවත් එම සංගමය පෙන්වා දෙයි.
ජලාශවල ජල මට්ටම 35%ක් වූ පසු ජල විදුලි නිෂ්පාදනය අඩුකර දැමීමට සිදුවන බවත්, එතැන් පටන් විදුලිය පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවන බවත් එම සංගමය සඳහන් කරයි.