ජනාධිපති ලේකම් කාර්යාලය හා නොරොච්චෝලේ අතර දුරස්ථව සම්බන්ධ කර ඇති ප්‍රකාශ තංතු ජාලයක් (ෆයිබර් ඔප්ටික් නෙට්වර්ක්) ඔස්සේ නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ අවසන් අදියර, ජනාධිපති මහින්ද රාජපක්ෂ හා චීන ජනාධිපති ෂී ජින්පින් යන මහත්වරු විසින් අද (16දා) හවස බලගන්වන ලදී.
ශ්‍රී ලංකාවේ එකම ගල් අඟුරු විදුලි බලාගාරයේ දෙවැනි අදියර ඉදිකිරීමේ කටයුතු 2010 මාර්තු මස ආරම්භ වූ අතර, මෙම අවසාන අදියර මගින් මෙගාවොට් 300 බැගින් විදුලි උත්පාදන යන්ත්‍ර දෙකකින් මෙගාවොට් 600ක විදුලියක් උත්පාදනය කරන අතර, විදුලි කුලුණු 234ක් යොදා අධි බලැති විදුලි රැහැන් ඔස්සේ අනුරාධපුරය දක්වා සම්ප්‍රේෂණය කරනු ලබන බව පවසයි.
මෙහි ප්‍රථම අදියර 2011 මාර්තු මාසයේදී නිමකර ජනතා අයිතියට පත්කළ අතර, එමගින් මොගාවොට් 300ක විදුලි බලයක් ජනනය කර නොරොච්චෝලේ බලාගාරයේ සිට වේයන්ගොඩ දක්වා සම්ප්‍රේෂණය කරයි. ඒ අනුව, නොරොච්චෝලේ බලාගාරය විසින් දැන් මෙගාවොට් 900ක විදුලි බල ප්‍රමාණයක් ජනනය කරනු ලබයි.