නොර්වුඩ් පොලිස් වසමට අයත් කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (19දා) පස්වරුවේ ගින්නක් හටගෙන ඇතැයි නොර්වුඩ් පොලීසිය පවසයි.
එම ගින්නෙන් මේ වනවිට රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති අතර, පවතින වියළි කාලගුණයත් දැඩි සුළං තත්ත්වයත් හමුවේ ගින්න ශීඝ්රයෙන් පැතිර යමින් තිබේ.
කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැකකරයි.