නොබෙදුණු, ඒකීය රාජ්‍යයක සියලු ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වූ පසුබිමකින් ගොඩනැගෙන ව්‍යවස්ථාවක් මගින් පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් අද (03දා) පස්වරුවේ පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ජනපතිවරයා මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
‘ තනි පුද්ගලයෙක් අත ඇති බලය, සාමූහිකත්වයට යොමු විය යුතු බැවින් එම දේශපාලන න්‍යාය ධර්මය තුළ කටයුතු කරමින් රටේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීමට කැපවිය යුතුයි.
ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ගැටුම් ඇති නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරමින් නීතියේ ආධිපත්‍යය ද තහවුරු කළ යුතුයි. නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ දී අධිකරණයට ස්වාධීනව හා අපක්ෂපාතීව කටයුතු කිරීමේ අයිතිය තහවුරුකර දිය යුතු වෙනවා’ යැයි ද පවසා සිටියේය.