සියලුම ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් රජයේ දන්ත වෛද්‍යවරියක් නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කරගෙන ඇතැයි රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
බුලත්කොහුපිටිය එම්.ඕ.එච්. කාර්යාලයට අනුයුක්ත කර සිටි ගැබිනි හා ළමා මුඛ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ දන්ත වෛද්‍යවරිය මෙලෙස අනුයුක්ත කරගෙන තිබෙන බවද එම සංගමයේ සභාපති විපුල වික්‍රමනායක මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා හිතුමතයට මෙම කටයුත්ත සිදුකර තිබෙන්නේ මාරු මණ්ඩලක්රමවේද හා රජයේ අනෙකුත් සියලුම ක්‍රමවේද උල්ලංඝනය කරමින් බවද පවසා සිටියේය.
මෙම පත්වීම සතියක් තුළ අවලංගු නොකළහොත් රට පුරා දන්ත වෛද්‍ය වැඩවර්ජනයක් සිදුකරන බවද ඔහු සඳහන් කළේය.