රජයට පවරාගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල සාමාන්‍ය ජනතාවට සේවය සපයන ශික්ෂණ රෝහලක් ලෙස අද (01දා) සිට ක්‍රියාත්මක වෙයි. රෝහලේ මෙහෙයුම් කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 200ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කිරීමට නියමිතය.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලට සමගාමීව නෙවිල් ප්‍රනාන්දු මහතා මෙම රෝහල ඉදිකරනු ලැබීය. කෙසේ වෙතත් පසුගිය මාසයේදී එය රජයට පවරා ගැනිමට කටයුතු කළේය.