ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා තෝරා පත්කර ගන්නා නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් කවුරුන්ද යන්න මේ වනවිටත් නම්කර තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා තුනෙන් දෙකක දමිළ ජනතාව වැඩි වශයෙන් සිටින බැවින් එම ප්‍රාදේශීය සභා දෙක සඳහා දමිළ සභාපතිවරු පත්කිරීමට තමන් එකඟ වූ බවද ඇමතිවරයා සඳහන් කළේය.
නුවරඑළිය නගර සභාවට එජාපයෙන් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරන බවත්, එම පළාත් පාලන ආයතනයේ නගරාධිපති වශයෙන් චන්දන කරුණාරත්න මහතා පත් කිරීමට බලාපොරොත්තු වන බවත් දිසානායක මහතා පැවසූවේය.
ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරු අතර කිසිම ඩබල් ගේම් හෝ ත්‍රිපල් ගේම් නොමැති බවත්, එම දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එක හඬකින් කටයුතු කරන බවත්ය.