හෙම්මාතගම නගරයේ පිහිටි ප්‍රධාන ජල නළයෙන් නීති විරෝධී ලෙස ජලය ලබා ගත් එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ජල සම්පාදන මණ්ඩලයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් අද ( 20දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අදාළ ස්ථානයේ සැක කටයුතු අයුරින් සිදු වූ ජල කාන්දුවක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන්ට සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
අත්අඩංගුවට පත් සැකකරු වසර 15 කට ආසන්න කාලයක සිට නීති විරෝධී ආකාරයෙන් ජලය ලබාගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වැටලීමට එක් වූ නිලධාරීහු පවසති.
ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් සැකකරුට දඩ මුදලක් නියම කොට අති අතර ඔහු එම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර