පොතුහැර, දම්බොක්ක ප්රදේශයේදී නීති විරෝධී ලෙස වාහන එකලස්කරන ස්ථානයක් වැටලූ බව පොලීසිය පවසයි. නීති විරෝධී ලෙස වාහන අමතර කොටස් ශ්රී ලංකාවට ගෙන්වා ඒවා එකලස් කර අලෙවි කර තිබේ.
පානදුර වලාන දූෂණ මර්දන ප්රහාර ඒකකයට ලද තොරතුරක් මත මෙම ස්ථානයට වටලා ඇති අතර සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ස්ථානය වටලන අවස්ථාවේදී නීතිවිරෝධී ලෙස එක්රැස්කළ කාර් රථයක් හා ජිප් රථයක් තිබූ බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු දම්බොක්ක ප්ර දේශයේ පදිංචිකරුවෙකු වෙන අතර ඔහු පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.