නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (18දා) මට්ටක්කුලිය, අලුත්මාවත ප්රදේශයේ සිදුකරන ලද වැටලීමකදී නීතිවිරෝධී දුම්වැටි පැකට් 1,000ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ
අත්අඩංගුවට ගත් නීතිවිරෝධී දුම්වැටි තොගය විකිණීම සඳහා සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු සහ නීතිවිරෝධී දුම්වැටි තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොටහේන පොලීසියට බාරදීමට කටයුතු කර තිබේ.
මේ අනුව සිදුවීම සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.