වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසියාකාරව රාජකාරි නොකරන ඇතැම් නිලධාරීන් පිළිබඳ තොරතුරු ලැබෙමින් පවතින බවත්, ඒ පිළිබඳ සොයාබලා ඔවුන් සම්බන්ධයෙන් කඩිනමින් විනය පියවර ගැනීමට කටයුතු කරන බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.
වනඅලි ගම්වැදී මිනිසුන්ට සිදුකරන හිරිහැර සම්බන්ධයෙන් ක්ෂණිකව වනජීවී නිලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව තිබුණද, ඇතැම් නිලධාරීන් ඒ පිළිබඳ අවධානය යොමු නොකරන බවත්, එවැනි හදිසි තත්ත්වයකදී ඇතැම් නිලධාරීන් තමන්ට පවා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අපහසු බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි.
ඇතැම් නිලධාරීන් හිතාමතාම ජංගම දුරකථන ක්‍රියාවිරහිත කර ඒ පිළිබඳ පසුව විමසූ විට තමන් කැලෑබද ප්‍රදේශයක සිටි නිසා දුරකථන ක්‍රියා නොකරන බවට කරනු ලබන ප්‍රකාශ ගැනද තොරතුරු ලැබී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.
මෙලෙස වගකීමෙන් රාජකාරි කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් තමන් සොයාබලන බවත්, ඒ සඳහා අවශ්‍යපියවර ගන්නා ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම්දී තිබෙන බවත් ඇය ප්‍රකාශ කරයි.