අභාවප්‍රාප්ත ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක හා රංගන ශිල්පී එච්.එස්. පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද (16දා) සවස 4.00 ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
දැනට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කර ඇති දේහයට සවස 3.00 දක්වා බුහුමන් දැක්විය හැකිය.
ඉඳිආප්ප කතාව ලෙස පුංචි තිරයේ ප්‍රකට වූ හර්බට් රන්ජිත් පීරිස් අධ්‍යක්ෂණය කළ 'හිරුට මුවාවෙන්' ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයාද වූ එච්.එස්. පෙරේරා කලාකරුවා 'නැවගිලුණත් බෑන්ඩ් චූන්', 'හොඳ හොඳ සෙල්ලම්' හා 'කම් ඕ ගෝ චිකාගෝ' යන චිත්‍රපටවල නිෂ්පාදකවරයා ද වෙයි. 'නොම්මර 17', 'උතුර දකුණු', 'දෙමෝදර පාලම' හා 'සක්කර සූත්තර' චිත්‍රපටවල රංගනයේ යෙදුණු ඔහු මල් කුමාරි ගීතරාණිගේ පියාණන්ය.
පද්මකුමා පී. මෙත්තසේන