මුතුහෙට්ටිගම ආරක්ෂකයෝ 24දා තෙක් රිමාන්ඩ්
සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ආරක්ෂාවට සිටි ඇමති ආරක්ෂකයන් තිදෙනා දෙසැම්බර් 24 දක්වා රිමාන්ඞ් කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා අද (21දා) නියෝග කළේය.
මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ ඇමති ආරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරු ලෙස සේවයේ නිරතව මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල් 67199 ඉසුරු රුවන්සිරි, පොලිස් කොස්තාපල් 60808 මනෝජ් පි‍්‍රයන්ත හා පොලිස් කොස්තාපල් 60725 ඉසුරු චතුරංග නමැති තිදෙනෙකි.
ඔවුන් තිදෙනා පොලිස් රාජකාරියට බාධා කරන ලදැයි සැකපිට ඊයේ (20දා) රාත්රියේදී අත්අඩංගුවට ගනු ලැබීය. වදුරඹ නගරයේ දී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ආධාර පිණිස පවත්වන රැළියක් වෙනුවෙන් ඉදිකරන ලද වේදිකාවකට හා වාහනයකට ගිනිතබා අලාභහානි සිදුකරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනකු පොලීසියේ සිට පැහැරගෙන යමින් පොලිස් රාජකාරියට බාධා කරන ලදැයි ඔවුන්ට චෝදනා එල්ල කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

