බාලවයස්කාර පාසැල් සිසුවියන් දෙදෙනෙක් රඳවාගෙන සිටිබව කියන තරුණයෙක් ගොඩැල්ල ප්රදේශයේදී සැකපිට අද (09) උදෑසන අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
ප්රදේශයේම පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. එම තරුණයා සමග සිටි බාලවයස්කාර නිවුන් සහෝදරියන්ද පොලිස් භාරයට ගත් බව පොලිසිය කීය.
ජුනි මාසයේදි පාසැල් යන බව පවසා නිවසින් පිටත්ව ගිය සිසුවියන් පාසැලට නොපැණිම නිසා තඹරවිල කණිෂ්ඨ විදුහලේ විදුහල්පතිවරයා විසින් කරන පැමිණිල්ලක් මත සිදු කල පරික්ෂණයක් මත මෙම පුද්ගලයාව හා සිසුවියන් දෙදෙනා සොයාගත් බව පොලිසිය පවසයි.
වයස අවුරුදු 13 හා 14 වයස්වල පසුවන සිසුවියන් අපයෝජනයකට ලක්ව ඇත්දැයි සොයා බැලිමට මාරවිල මූලික රෝහලට ඇතුල් කර තිබේ.
නයිනමඩම චන්දන ප්රනාන්දු