නිව්යෝක් බෝම්බ ප්‍රහාරකයා IS ත්‍රස්ත අභාසය ලැබූවෙක්ලු
නිව්යෝක් නගරයේ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට ගොස් අත්අඩංගුවට පත්වූ බංග්ලාදේශ ජාතිකයා IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ අභාසය ලැබූවෙකු බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
ප්‍රහාරකයා 27 හැවිරිදි අකායේද් උල්ලාහ් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු බංග්ලාදේශයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූවෙකි.
අවම තාක්ෂණයක් යොදාගෙන සකසා තිබූ බෝම්බය මෑන්හැට්න් බස් නැවතුම්පොළ තුළ පුපුරුවා ගැනීම හේතුවෙන් මෙම ත්රස්තයාද පිළිස්සුම් තුවාල ලැබීය.
පොලීසිය පවසන්නේ එම බස් නැවතුමේ පැවති නත්තල් දැන්වීමක් මෙම ප්‍රහාරය සඳහා ඔහු එම ස්ථානය තෝරාගැනීම සඳහා හේතු වී ඇති බවයි.
රෝහල්ගත කර සිටින ප්‍රහාරකයා පොලීසිය හමුවේ මෙම පාපොච්චාරණය සිදුකර තිබේ.
කෙසේ වෙතත්, පසුගිය සඳුදා උදෑසන සිදුවූ මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු සුළු තුවාල ලැබීය.
යුරෝපය තුළ නත්තල් සමයේ එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර ආකාරයේ ප්‍රහරයක් ඇමෙරිකාව තුළ එල්ල කිරීමට තමන්ට අවශ්‍ය වූ බවත්, ඒ සඳහා නත්තල් දැන්වීම්වලින් යුතු බස් නැවතුම්පොළේ උමං මාර්ගය වඩාත් සුදුසු ස්ථානය ලෙස තෝරාගත් බවත් ප්‍රහාරකයා වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර, සිරියාව ඇතුළු රටවල් වෙත ඇමෙරිකාව එල්ල කරන ගුවන් ප්‍රහාර තමන්ට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට කැමැත්ත ඇති කළ බවත් හෙතෙම පවසා තිබේ.
ඒ අනුව, උල්ලාහ් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදයේ හුදකලා වෘක්කයෙකු ලෙස කටයුතු කළ ඇති බව පෙනී යන්නේ යැයි ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
නිව්යෝක් නගරාධිපතිවරයාද පවසා සිටියේ ඔහු හුදකලාව මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




