ගල්ඔය නිම්න ජාතික උද්‍යනයට අයත් නිල්ගල ඹෟෂධීය රක්ෂිත වනයට නිතර ගිනි තැබීම නිසා ජල උල්පත් සියල්ල සිඳී, භූමිය විනාශ වී, වන සතුන් වඳ වී යෑමේ තත්ත්වයක් පවතින බව අවට ගම්වාසීහු පවසති.
සැවනා වනාන්තරයක් වන ගල්ඔය නිම්න ජාතික උද්‍යනයට අයත් නිල්ගල ඹෟෂධීය රක්ෂිත වනය හෙක්ටයාර් 25900කින් සමන්විත වන අතර මෙය ශ්‍රී ලංකාවේම තිබෙන ස්භාවික ඹෟෂධීය වනයයි.
අරළු,බුළු,නෙල්ලි,මඩු,ගම්මාලු,තිඹිර,බිම් කොහොඹ ඇතුළු දුර්ලභ වර්ගයේ ඹෟෂධ ශාක හා වනඅලි, වලසුන්, ඌරන්, මුවන්,ගෝනුන්, ඉත්තෑවන්, දිවියන් ඇතුළු පක්ෂීන් වර්ග හා උරග වර්ගද නිල්ගල වනයේ සිටී.
සැම වසරකම මාර්තු - සැත්තැම්බර් මාස අතර කාලයේ පවතින දැඩි නියඟයත් සමග වනය අවට ගම්මානවල ජනතාව විනෝදයට,සතුන් දඩයමට,අරළු,බුළු,නෙල්ලි ඵලදාව වැඩි කර ගැනීමට වනයට ගිනි තබති.
වනය ගිනි තැබීමත් සමග වන සතුන් හා ඹෟෂධ ශාක විනාශ වී යන අතර ගලඔය,රඹකැන් ඔය,දහමල් ඔය,තම්මැඩිල්ලා ඔය,දික් ඔය,ඹබර කදුර,ඇතුළු නිල්ගල වනය හරහා ගලායන ගංගා ඇළදොල සියල්ල සිඳී ගොස් තිබේ.
වනයේ තිබෙන සංචාරක තෝතැන්නක් වන මකරය නම් වූ ස්ථානයේ ජලය සිඳීයෑමත් සමග දේශීය විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් තිබෙන බවද ඔවුහු පවසයි.
මේ හේතුවෙන් වනයේ වෙසෙන සතුන් අවට ගම්වලට වදින බවත්, ඔවුන් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වෙන බවත් ගම්වැසියෝ පවසයි.
මේ පිළිබඳ ගල්ඔය නිම්න ජාතික උද්‍යනයේ උද්‍යාන භාරකරු බුද්ධික විදානගේ මහතා මෙසේ අප සමග අදහස් දැක්වූයේය.
“සැම වසරකම මාර්තු-සැත්තැම්බර් අතර මාසවල පවතින දැඩි නියඟයත් සමග නිල්ගල වනය ගිනිගැනිම්වලට ලක්වෙනවා. මෙහිදී කුඩා සතුන් සහ දුර ගමන් කළ නොහැකි සතුන්ගේ ජීවිත අවදානමක පවතිනවා. මෙම සතුන් සඳහා අපි වනයේ කුඩා වැව් හතරක් ඉදිකර තිබෙනවා එහි ජලය තිබෙනවා.
වනයට ගිනි තබන හා වන සතුන් දඩයම් කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට වනජීවි නිලධාරීන් නිතර කටයුතු කරනවා’”
ලුණුගල - ප්‍රසන්න පත්මසිරි