විද්‍යුත් වාහන වෙනුවෙන් අයකරන බදු ප්‍රතිශතය සියයට 15 සිට සියයට 30ක් දක්වා ඉහළ නංවා ඇති බව අද පාර්ලිමේන්තුවේදී අණාවරණය විය.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරම මහතා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.
විද්‍යුත් වාහන වෙනුවෙන් අවම බදු සීමාවක් පැනවීම හරහා එම වාහන වැඩි වශයෙන් ගෙන්වීම හරහා ඩොලරයට ඇතිවිය හැකි තෙරපුම අවම කර ගැනීම වෙනුවෙන් මෙසේ බදු ඉහළ දැමූ බව ඔහු පැවැසීය.