නිලමේගේ ඔට්ටුව හරියාවිද
දකුණු පළාත් සභාවේ විපක්ෂනායක හා හම්බන්තොට දිස්ත්රික් එජාප අපේක්ෂක එස්.තෙන්නකොන් නිලමේ මහතා පසුගිය සැම මැතිවරණයකදිම පහේ ඔට්ටු අල්ලයි. හේ දකුණු පළාත් සභා ,ඌව පළාත් සභා යන මැතිවරණ වලදි මෙන්ම පසුගිය ජනාධිපතිවරණයේ දිත් ඕට්ටු ඇල්ලුවේය. නිලමේ මහතා අල්ලන්නේ මුදල් ඕට්ටුනම් නෙවේ. මන්ත්රි ධුරය හා විපක්ෂනායක ධුරය හේ ඔට්ටුවලට අල්ලන්නේය.
කෙසේවුවද පසුගිය කාලයේ නම් තෙන්නකොන් නිලමේ මහතාගේ ඔට්ටුවට ඔට්ටුවක් අල්ලන්න කවුරුවත් ඉදිරිපත් වුයේ නැත. ඒ නිසා පසුගිය දකුණු හා ඌව පළාත් සභා මැතිවරණ වලදි තමන්ගේ මන්ත්රි ධුරය හා විපක්ෂනායක ධුරය රැක ගැනිමට තෙන්නකොන් නිලමේ මහතා සමත්විය. එක්වරක් නිලමේ මහතා හරි අපුරු ඕට්ටුවක් ඇල්ලුවේය.
‘මා කසාද බදින්නේ රනිල් මහත්තයා අගමැති වු පසුවයි’. ඔහු මේ ඔට්ටුව දැම්මේ අවුරුදු විසිපහේදිය. මෙම ඔට්ටුව නිසා තෙන්නකොන් නිලමේ මහතාට කසාද බැදිම සදහා වසර ගණනාවක් බලාගෙන සිටිමට සිදුවුයේය. මෙවර මහමැතිවරණයේ දිත් නිලමේ මහතා ඔට්ටුවක් ඇල්ලුවේය. ‘ස්ථිර වශයෙන්ම රනිල් වික්රමසිංහ නායකතුමා අගමැති ධුරයට පත්වෙනවා. ඔහු තුන්නෙන් දෙකේ බලයක් ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවනවා. එහෙම නැති වුනොත් මා දේශපාලනයෙන් සමුගන්නවා’ නිලමේ පවසන්නේය. දැන් කවුරුත් බලාගෙන ඉන්නේ මේ මැතිවරණයේ දී වත් නිලමේගේ ඔට්ටුව හරියාවිද කියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

