අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් බේරී සිටීමට අතුරුගිරිය පොලිස් ස්ථානයට එස්.ටී.එෆ්. ආරක්ෂාව යොදවා ඇතැයි සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
නියෝජ්‍ය අධිකරණ ඇමතිට උසාවියට පැමිණීමට නියෝග කළවිට ඔහු නොපැමිණීම සම්බන්ධව පැවසූ කාරණයේ සත්‍ය අසත්‍යතාව සොයාබලා අධිකරණයට බොරු කීවාද යන්න සොයාගත යුතු බව ප්‍රේමජයන්ත මහතා පැවසුවේ,තලවතුගොඩ පැවැති මධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වමින් හෙතෙම මෙසේ පැවසීය,
“කඩුවෙල ආසනයේ අතුරුගිරිය පොලීසියට එස්.ටී.එෆ් එක දාලා. මොකද ත්‍රස්තවාදී කාලයක්ද, එල්.ටී.ටී.ඊ එකෙන් ගහන්න ඉන්නවාද? නැහැ. නියෝජ්‍ය අධිකරණ ඇමතිගෙන් බේරෙන්න.
නියෝජ්‍ය අධිකරණ ඇමතිට උසාවි එන්න කියපුවහම නීතිඥ මහත්තයා ගිහින් කියනවා ඔහු උපරිමාධිකරණයේ නඩුවක පෙනී ඉන්නවා කියලා.
මහේස්ත්රාත්තුමාට තියෙන්නෙ මොකද්ද නඩුව කියලා අහලා ඊළඟ දවසේ පැමිණීම වාර්තා කරලද කියල බලන්නයි.
නැත්නම් උසාවියට බොරු කියලා නියෝජ්‍ය අධිකරණ ඇමති පොලීසියේ සාජන්ට් මහත්තයා කියනවා “මම නීතිය දන්නවා* කියලා. හරියට ටෙලිනාට්‍යයක් වගේ. මෙන්න රටට ගිහින් තියෙන තත්ත්වේ.*