9හැවිරිදි පාසැල් දැරියක සමග මිනිස් ජීවිත පහක් බිලිගත් නියපොත්තා නැමති වන අලියා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (23දා) දින අලුයමදී අල්ලාගත් බව තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශය පවසයි.
නිවාස රැසකටද, වගාවන් රැසකට අලාභ හානි කළ මෙම වන අලියා පොල්ගස් 18 ක්ද පෙරළා දමා ඇති බවත් සුගිය තිරසර සංවර්ධන හා වන ජීවී නියෝජය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ උපදෙස් මත නිර්වින්දනය කර නියපොත්තා අල්ලා ගත් බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වෙයි.
අල්ලාගත් වන අලියා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනයාමට පියවරගෙන තිබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.