වියළි කාලගුණය නිසා විපතට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ කාර්යසාධක බළකාය ප්‍රථම වරට හෙට (20දා) රැස්වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන කාර්යසාධක බළකා ප්‍රථම රැස්වීමේදී ජනතාවට පානීය ජලය ලබාදීමේ වැඩසටහන්වලට අමතරව, නියං ආධාර ලබාදීම පිළිබඳ සාකච්ඡා කරන බවද කාර්යසාධක බළකා සාමාජික අමාත්‍යාංශ ලේකම් උදය සෙනෙවිරත්න මහතා සදහන් කළේය.
මීට අමතරව වියළි කාලගුණයෙන් විපතට පත් ජනතාවගේ ආදායම ඉහළ දැමීම සඳහා ජල මූලාශ්‍ර සුද්ධ පවිත්‍ර කටයුතුවලට ජනතාව යොදවා ඒ සඳහා මුදල් ගෙවීමක් සිදුකරන බවද ඒ මහතා පවසා සිටියේය.