මාස ගණනක සිට පවතින නියඟය නිසා දුක්විඳිනා ජනතාව දෙස ඇහැක් ඇර නොබැලූ ආණ්ඩුව හදිස්සියේ අවධිවූවකේ සේ මොනරාගල දිස්ත්රික්කයේ ජනතාවට රුපියල් 2500 ක් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, මෙය මැතිවරන නීති අමු අමුවෙම උල්ලංඝනය කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
හෙට (09 දා) සිට 16 වැනිදා දක්වා එක් පවුලකට රුපියල් 2500 බැගින් බෙදා දීමට රුපියල් මිලියන 200 ක් දිස්ත්රික් ලේකම්වරයා වෙත මුදාහැර තිබෙන බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා සඳහන් කළේය.