නියඟයේදී සහන දෙන්න ලේකම් කමිටුවක්
ඉදිරියේදී මුහුණ පෑමට සිදුවන නියං තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කොට තිබේ. මෙම කමිටුව සඳහා විදුලිබල , මහවැලි සහ ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළත් වෙති.
නියඟයට මුහුණදීමට අමාත්‍යාංශ මට්ටමින් ඇති සූදානම විමසා බැලීමේ රැස්වීමක් ජනපති මෙත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේදී පැවැති අවස්ථාවේදී මෙම කමිටුව පත්කරනු ලැබීය.
අද පැවැති හමුවේදී පවතින නියං තත්ත්වයට මුහුණදීමට ඒ ඒ අමාත්‍යාංශ දැනට සිදු කරන කටයුතු හා ඉදිරි සැලසුම් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඊට අමතරව ජල මූලාශ ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකිරීම කෙරෙහි මෙහිදී ජනපතිවරයාගේ අවධානය යොමු විය. එසේම දැනට සිඳී ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණි.
අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් හා අමත්‍යාංශ ලේකම්වරු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
