වර්ෂාව නොමැතිවීමෙන් ඇතිව තිබෙන නියඟ තත්ත්වයේදී ජනතාවට සහන දීමට අවශ්‍යනම් ඒ සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට තීරණය කර තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ගුවන් හමුදාවේ විසිර යෑමේ පෙළපාලියක් ත්‍රිකුණාමලයේදී අමතමින් ඔහු මේ බව පැවැසීය. එසේම ඒ පිළිබඳව වන සාකච්ඡාවක් නාවික හමුදාපති හා ආරක්ෂක ලේකම් සමග පැවැත්වූ බවත් ඔහු සඳහන් කළේය.
නියඟය පවතින දිස්ත්‍රික්ක ත්‍රිවිධ හමුදාවට ලබාදී ඔවුන්ට අවශ්‍ය පානීය ජලය අවශ්‍යනම් ආහාර පවා ලබාදීමේ වගකීම බාරදෙන බවද ජනපතිවරයා මෙහිදී පැවැසීය.