නියඟයෙන් තවදුරටත් පීඩාවට පත් ජනතාවට මූල්‍යමය හා ද්‍රව්‍යමය සහන තවදුරටත් සලසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්ක ඇතුළු දිවයිනේ සියලු පළාත්වල නියඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය වියළි සලාක මෙන්ම, මූල්‍යමය සහයෝගය සොයා බලා නිසි පරිදි ලබාදෙන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.