නියඟයට මුහුණදෙන්න සැලසුම් සකස් කරයි
2017 වර්ෂයේදී මෙරට යම් නියඟයක් ඇති වුවත් මෙරට සහල් හිඟයක් ඇති නොවීම සඳහා කටයුතු කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා අද (01) අද ට පැවැසීය.
මේ වන විට මාස දෙකහමාරේ වී ප්‍රභේදයක් වන බී.ජී. 250 වගා කළ ගොවීන්ගේ වී බුසල් 1000 ක් පමණ සහතික කර බීජ සඳහා ඊළඟ යල කන්නයේ වගා කිරීමට ගොවීන් අතර ලබාදීමට කටයුතු කිරීම අරඹා ඇති බවද කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
මේ වන විට ලැබෙන වර්ෂාව තුළින් තවත් හෙක්ටයාර් ලක්ෂ 4 ක් පමණ වගාකිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය. එයින් නිෂ්පාදනය වන සහල් ජූලි මාසය දක්වා මෙරට සහල් පරිභෝජනයට සෑහෙන ලෙස ඇති බවත් තෙත් කලාපයට මේ වන විට වර්ෂාව ලැබෙන බැවින් ගොවීන් අතර අඩු මාසයේ වී බීජ ලබාදීම තුළින් මෙම වසර තුළ වී වගාව ආරම්භ කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පැවසීය.
වී වගාව පමණක් නොව එළවළු, පලතුරු වගාවන් සඳහා නියඟයට මුහුණදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ක්‍රමවේදයක් සකසා ඇති බවත් වගා කර ඇති වගාවන් නියඟයෙන් බේරාගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තාක්ෂණික ක්‍රමවේද යොදා ඇති බවද කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.











