නියං සහනාධාර සෙසු ප්‍රදේශවලටත් දෙන්න
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 02 ක්
මොනරාගලට නියං ආධාර දුන් පෙත්සමට මැදිහත් වෙන්නත් අවසර ඉල්ලයි
නියං සහනාධාර මොනරාගලට පමණක් නොව නියඟයෙන් පීඩාවට පත්ව සිටින පොළොන්නරුව හම්බන්තොට වැනි ප්‍ර‘දේශවලටත් ලබාදෙන්නැයි ඉල්ලමින් තවත් පෙත්සම් දෙකක් ඊයේ (15දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරිණි.
කිසිදු දේශපාලන පක්ෂයක මැදිහත්වීමකින් තොරව මොනරාගල දිස්ත්‍රික්කයේ පදිංචි නියඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට නියං සහනාධාර ලබාදීමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කළ පෙත්සමට තමන්ද මැදිහත් පාර්ශ්ව ලෙස ඇතුළු කරගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබිණි.
පැෆරල් සංවිධානය සහ වසන්ත ජයලත් ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු විසින් මෙම පෙත්සම් දෙක ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මොනරාගල නියං සහනාධාර ලබාදෙන්නැයි ඉල්ලමින් පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ දේශපාලන අරමුණකින් යුතුව යැයි තමන් සිතන බව සඳහන් කරන පෙත්සම්කරුවෝ නියඟයෙන් පීඩාවට පත්ව සිටින පොළොන්නරුව සහ හම්බන්තොට ප්‍ර‘දේශවලටද නියං ආධාර ලබාදීමට නියම කරන්නැයි ඉල්ලා සිටිති.
බුද්ධිමාල් රුබේරු/ ඉන්දික හේවාවිතාරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
