නිධානයක් ගැනීමට පොළව කැණීම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට
හුංගම රතලුන්න ප්රදේශයේ ගෙවත්තක නිධානයක් ගැනීමේ අරමුණින් පොළව කැණීම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් පෙරේදා (28දා) සවස අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය පවසයි.
නිවෙස් හිමියා, බණ්ඩාරගම කොතලාවල ප්රදේශයේ යකැදුරෙකු හා බැකෝ රියදුරෙකු මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
සැකකරුවන් විසින් මේ සඳහා යොදා ගත් බැකෝ යන්ත්රයක් ඇතුළු උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් විසින් මීට පෙර ද අවස්ථා කිහිපයකදී මෙම ස්ථානයට නුදුරින් ලෙසෙ කැණිම් කර ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, බැකෝ යන්ත්රය හා උපකරණ තොගය ඊයේ (29දා) අඟුණුකොලපෑලැස්ස මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
හුංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.බී.සී.ප්රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් එහි නිලධාරීහු පිරිසක් වැටලීම සිදු කොට සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
අම්බලන්තොට සනත් ගමගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


