අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වෙයි. මේ පිළිබඳව විමසීම සඳහා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුමට සම්බන්ධ කර ගැනිමට උත්සාහ කළත් ඒ සියලු අවස්ථා ව්‍යවර්ත විය.
සිරස රූපවාහිනීයට ප්‍රකාශයක් කළ ඇති රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ප්‍රකාශ කර ඇත්තේ නිදහස් පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බවයි.