නැගෙනහිර පළාත් සභාවේනිල කාලය හෙට (30දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. මේ අනුව අනිද්දා ඔක්තෝම්බර් (01දා) සිට එහිපූර්ණ බලතල සහිත විධායක බලය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර නීතිඥ රෝහිත බෝගොල්ලාගම මහතා යටතට පැවරේ.
නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය තුළ විශේෂ සභා වාර ඇතුළුව සැසි වාර 86ක් පවත්වා ඇති අතර මේ කාලය තුළ මහඇමැතිවරු දෙදෙනෙකු පළාත් සභාවපාලනය කිරීම ද විශේෂත්වයකි. 2012 සැප්තැම්බර් (08දා) සිට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ එන්.අබ්දූල් මජිඩ් මහතාත් 2015 අප්‍රේල් මස නව පාලනයක් පළාත් සභාව තුළ ඇති කිරීමත්ක සමගින් එසෙඩ්. ඒ.නසීර් අමහඩ් මහතාත් එසේ කටයුතු කළේය.
නැගෙනහිර පළාත් සභාවේ මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 37ක් වන අතර ඉන් පාලක පක්ෂය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීධුර 11ක්ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රීධු 08ක්ද ,එක්සත් ජාතික පක්ෂයට පළාත් සභාවේ සභාපතිවරයා ඇතුළු මන්තත්‍රී අසුන් 04ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධුර 03ක් වශයෙන් ආසන 27ක් හිමිවී තිබේ.
විපක්ෂය නියෝංනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීධුර 09ක් හා ජාතික නිදහස් පෙරමුණට එක් මන්ත්‍රීධුරයක් ඇතුළුව ආසන 10ක් හිමිව ඇත. නියමිත කාල සීමාව අවසන්වීම නිසා සබරගමු පළාත් සභාව පසුගිය අඟහරුවාදා (26දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විණ.
ත්‍රිකුණාමලය අමරජීව