නාවික හමුදාවේ මධ්‍ය නිලධාරීන් 39 දෙනෙකු දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු ඊයේ (18දා) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ උළෙලකින් අනතුරුව විසිර යන ලදී.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
අධිකාරියට පත් නිලධාරීන් 39 දෙනා අතරට 54 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමේ නිලධාරීන් දෙදෙනෙක් (02), 31 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය (නීති හා සේවා) බඳවා ගැනීමේ නිලධාරීන් 5 දෙනෙක් සහ 56 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමේ නිලධාරීන් 32 දෙදෙනෙකු ඇතුළත් විය.