ADA
www.ada.lk
2025 ජුලි මස 21 වන සඳුදා
අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව වන ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් තායිලන්තය බලා පිටත් වන ලදී. මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ මෙම නෞකාව මෙවන් විදේශ අභ්‍යාසයක් සඳහා සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙය ලෙස සනිටුහන් වේ. මේ සඳහා නිලධාරීන් 18 දෙනෙකුන් සහ නාවිකයන් 109 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් සහභාගී විය. නෞකාව පෙරේදා (09දා) දිවයිනෙන් පිටත්විය. අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට වසර 50 ක් සපිරීම නිමිති කර ගනිමින් 2017 නොවැම්බර් මස 18 වන දින සිට 21 වන දින දක්වා තායිලන්තයේ පට්ටයා මුහුදු ප්‍රදේශයේදී එම නෞකා දැක්ම පැවැත්වීමට නියමිතව ඇත. මෙම නෞකා දැක්ම සහ නාවික අභ්‍යාසයන් සඳහා අග්නිදිග ආසියාතික රටවල් 19 ක් නියෝජනය කරමින් යුද නෞකාවන් 26 ක් සහභාගී වීමට නියමිතව ඇත.
popular news
කොදෙව් ප්‍රහාරකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
දික්ඔය නගරාධිපතිගේ යෝජනාවට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විරෝධය
හොර පාරින් ගෙනාපු අධිබල යතුරු පැදි තලවිලින් අල්ලයි
ටුමෝරෝලෑන්ඩ් වේදිකාව ගිනි ගනියි
නවසීලන්ත කාන්තාවකට අතවර කළයි හිමි නමක් අත්අඩංගුවට
රෝහල් පරිත්‍යාග වලට තීරු බදු සහන ලබා නොදේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd