නාවික හමුදාව ශක්තිමත් කිරීමට නවීන නෞකා ලබාගන්නවා
ශ්‍රී ලංකා නාවික හමුදාව වර්තමානයට ගැළපෙන ශක්තිමත් නාවික හමුදාවක් ලෙස සකස් කරන අතර නාවික හමුදාවට අවශ්‍ය නවීන නෞකා ලබාගන්නා බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
යුද්ධය අවසන්වී ඇති බැවින් රටවටා ඇති මුහුද ආරක්ෂා කිරීමට රජය විශල අවධානයක් යොමුකර ඇති බැවින් මෙවැනී තීරණයක් ගත් බව ආරක්ෂක රාජ්‍ය ආමාත්‍යවරයා ඊයේ (23දා) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
මේ වෙනුවෙන් ඉන්දියාවේ නිපදවන ලද රුපියල් කොටි 2300 ක් වටිනා නෞකාවන් දෙකක් මිලදී ගත් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම යුද නෞකාව වන්නේ ඉන් එකක් බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
ශ්‍රීලංකාව ආසන්න මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන අතර, අනවසර මසුන් ඇල්ලීම් ඇතුළු විවිධ ජාවාරම් ක්‍රියාත්මක වන බැවින් ඒවා මැඬලීමට රජය විශේෂ අවධානයක් යොමුකර ඇතැයිද විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
යාපනය සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුයේ "යාපනයේ විනිසුරුවරයකුගේ වාහනයකට වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. එහිදී එක් පොලිස් නිලධාරියෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒගැන මම කනගාටුවට පත්වෙනවා. මගේ දැනුවත්වීම අනුව යාපනගේ අවිගත් කණ්ඩාම් ඇත්තේ නැහැ.
නගරවල ආරක්ෂාව සම්බන්ධයෙන් සීසීටීවී පද්ධති ක්‍රියාත්මක කර තිබෙන්නේ නීතිය හා සාමය අමාත්‍යාංශය මගින් . මේවනතුරු යාපනයට සීසීටීවී පද්ධතියක් සවිකර නැහැ. ඉදිරියේදී එය ක්‍රියාත්මක කරයි කියලා මම හිතනවා, යනුවෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

